තොරතුරු දැනගැනීමේ අයිතිය යනු කුමක්ද?
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ සංකල්පය
ජනරජයක් බිහිවීමත් සමඟම රාජ්‍යයේ හිමිකාරිත්වය ජනතාව සතු බව අඟවන සංකල්පයක් විකාශනය විය. රාජ්‍ය සහ රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ මහජනතාවගේ බදු මුදලිනි. මේ අනූව ස්ථාපිත කර ඇති මූලික මූලධර්මය නම් මහජන මුදල් උපයෝගී කර ගනිමින් රජය විසින් ඉටුකරනු ලබන කාර්යයන් පිළිබඳ තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇත යන්නයි.
ඉහත සඳහන් කල තොරතුරු දැන ගැනීමේ අයිතිය ඵලදායී ලෙස ආරක්ෂා කර ගැනීම සඳහා, සම්පූර්ණ කල යුතු මූලික අවශ්‍යතාවයන් 3ක් ඇත.
තොරතුරු වලට ප්‍රවේශය
ජනතාවට බාධාවකින් තොරව තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව තොරතුරු වලට ප්‍රවේශය යන්නෙන් අදහස් වේ. එනම් තොරතුරු නොමිලයේ ලබා ගැනීමට හැකි වීම හා තොරතුරු ලබා ගැනීමේ විවිධ පරාසයන් සමාජය තුල ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම මාධ්‍යට වාරණයක් හෝ සීමාවක් නොමැති බව තහවුරු කිරීම හා කිසිදු අනවශ්‍ය බලපෑමකින් තොරව තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාව ලැබීම වඩාත් වැදගත් වේ.
තොරතුරු ප්‍රකාශයට පත් කිරීමෙහි ලා රාජ්‍ය ආයතන වලට ඇති වගකීම
මහජනතාවට වැදගත් වන තොරතුරු වලට සක්‍රියව ප්‍රවේශ විය හැකි වාතාවරණයක් ඇති කිරීමේ වගකීම රාජ්‍ය ආයතනවලට ඇතුලත් කළ යුතුය. තවදුරටත්, මෙම තොරතුරු ජනතාවට තේරුම් ගැනීමට පහසු හා සරල ආකාරයකින් ඉදිරිපත් කිරීමද රජයේ වගකීමක් වේ.
තොරතුරු මුදාහැරීමේ වගකීම
නියමිත ඉල්ලීමක් මත විවිධ පුද්ගලයන්ට අනුබද්ධ තොරතුරු නිදහස් කිරීම, තොරතුරු නිදහස් කිරීමට ඇති වගකීම යන්නෙන් සංකේතවත් වේ.














