ආබාධිත නිවාස ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- අයදුම් කරු සතුව ඉඩමක් තිබීම.(එය ඔප්පුවකින් තහවරු කල යුතුය)
- ඉඩමක් නොමැතිනම් ඉඩමක් ලබාදීමට යම්කෙනෙකු කැමැත්ත ඇතිවිට ඒ සඳහා ගිවිසුම් පත්‍රය.(මෙය ප්‍රාදේශීය ලේකම් හෝ සමාජ සේවා නිලධාරියාගේ මූලිකත්වයෙන් සිදුවේ)
- අඩු ආදායම් ලාභීන් බවට ග්‍රාම නිලධාරී ලිපියක්.
- ආබාධිත තත්වය පිළිබද පිළීගත් වෛද්‍ය වරයකුගේන් ලබාගත් සහතිකය.
- කාර්මික නිලධාරීන්ගෙන් ලබා ගත් නිවාස සැලැස්ම හා ඇස්තමේන්තුව.
- වයස තහවරු කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ හැදුනුම්පතේ ඡායා පිටපතක්.
- රු.250000ට වැඩි ඇස්තමේන්තු සඳහා එම වැඩි ප්‍රමාණය ලබාගන්නා ආකාරය සඳහන් ලිපි ලේඛන හෝ වෙනත් ලේඛන.
ආබාධිත ස්වයං රැකියා ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- ආබාධිත බව සඳහන් වෛද්‍ය වාර්තාව.
- සමාජසේවා නිලධාරී වාර්තාව.
- ස්වයං රැකියා සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ නම් ඒවායේ විස්තර.
- ඉල්ලුම් පත්‍රයේ සඳහන් ස්වයං රැකියා ව්‍යාපෘති වාර්තාව.
- අඩු ආදායම් ලාභින් බවට ග්‍රාම නිලධාරී වාර්තාව.
ඝෘජු ආධාර රු. 40000/=
කොමඩ් වැසිකිළි ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- ඉල්ලීම් ලිපිය
- මාසික ආදායම 6000.00 ට අඩු වීම
- ඉල්ලුම්කරු ආබාධිත පුද්ගලයෙකු වීම
- වැසිකිළිය ඉදිකරන ස්ථානයේ අයිතිය ආබාධ සහිත පුද්ගලයා සතුවීම. එසේ නොවන්නේ නම් ප්‍රාදේශීය ලේකම්, සමාජ සේවා නිළධාරි, ග්‍රාම නිළධාරි සමග අදාළ ස්ථානයේ හිමිකරු විසින් ගිවිසුම් පත්‍රයක් අත්සන් කිරීම.
- අමතර මුදලක් වැය වන්නේ නම් එය සපයා ගන්නා ආකාරය
සෙසු ඝෘජු ආධාර
- ජල මෙට්ට, වායු මෙට්ට,ප්‍රවේශ පහසුකම්, ජලය,විදුලිය (15000/=) ලබා දීම
- වෛද්‍ය උපකරණ ලබා දීම
ආබාධිත පුද්ගලයන් සඳහා වෛද්‍යාධාර ලබා දීම
- ආබාධ සහිත පුද්ගලයෙකු විය යුතුයි
- මාසිකව රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- ඉල්ලීම් ලිපිය (අඩු ආදායම්ලාභී බවට )
- ගමන් වියදම් සඳහා නම් (ත්‍රීවීලර්) වාහනයේ අංකය සහිතව හිමිකරුගෙන් සවිස්තරාත්මක (ගමන්වාරය, මාර්ගය,මුදල) ලිපියක්
- ග්‍රාම නිලධාරි නිර්දේශය
ඖෂධ ලබා ගැනීම සඳහා
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරි නිර්දේශය
- රජයේ ලියාපදිංචි ඔසුසලකින් මිල ගණන් 3ක් ලබා දීම
ශ්‍රව්‍යාබාධිත හැඳුනුම්පත්
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- වෛද්‍ය වාර්තාව
- ඉල්ලීම් ලිපිය
- මුද්දර ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 2ක්
ස්වෙච්ඡා සමිති ලියාපදිංචි කිරීම
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- ලියාපදිංචිය සඳහා ඉල්ලීම් ලිපිය
- ආයතනයේ ව්‍යවස්ථාව
- ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිය/ ක්‍රියාකාරකම් තොරතුරු (අයවැය විස්තරය සමඟ)
- නිළධාරි මණ්ඩල තොරතුරු (නම,තනතුර, ලිපිනය,ජා.හැ.අ.)
- සමාජික නාමලේඛණය (නම, ලිපිනය,ජා.හැ.අ.)
- පළමු රැස්වීම් වාර්තාව හා අත්සන් ලේඛණය
- පෙර ලියාපදිංචි වී ඇත්නම් එම ලියාපදිංචි සහතික වල පිටපත්
- අවසන් වරට පවත්වන ලද රැස්වීම් වාර්තාව හා පැමිණීමේ අත්සන් ලේඛණය
- සහතික කරන ලද විගණන වාර්තාව(තිබේ නම්)
- 2021 වසර සඳහා වකුගඩු ජීවනාධාරලාභීන්ගේ ලයිස්තුව
- 2021 වසර සඳහා වැඩිහිටි ජීවනාධාරලාභීන්ගේ ලයිස්තුව
- 2021 වසර සඳහා ආබාධිත ආධාරලාභීන්ගේ ලයිස්තුවලාභීන්ගේ ලයිස්තුව
- ස්වෙච්චා සමාජසේවා සංවිධාන ලියාපදිංචිය සඳහා වන අයදුම්පත්‍රය
- ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ දිමනා ලබා දිමට ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය
- වැඩිහිටි අයදුම්පත්‍ර ලබා ගැනීමේ අයදුම් පත්‍රය
- ආබාධ සහිත තැනැත්තන් සඳහා ජීවනාධාර ලබාදීමේ අයදුම්පත්‍රය
- වකුගඩු රෝගී පුද්ගලයන් සඳහා ජීවනාධාර ලබාදීමේ අයදුම්පත්‍රය














