ආදායම් සහතික නිකුත් කිරීම
- ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය
- ආදායම් සනාථ කිරීමට අදාල ලේඛන
තක්සේරු වාර්තා නිකුත් කිරීම
- එම දේපල සදහා තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම
- දේපල අයිතිකරුගේ එකඟතාවය දැක්වෙන ලිපිය
- නිශ්චල දේපල සම්බන්ධව අදාළ ග්‍රාම නිලධාරි විසින් සපයනු ලබන තක්සේරු වාර්තාව
- එම දේපල පිළිබඳ ඔප්පුව
- නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
- පිඹුරු පත
- ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්තිරු
වටිනාකම් සහතික නිකුත් කිරීම
- වටිනාකම් සහතිකය ඉල්ලීම සම්බන්ධ ඉල්ලුම් පත්‍රය
- වටිනාකම් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් කරන අදාල සියලුම ලිපි ලේඛන
- ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත වාර්තාව
- වටිනාකම් සහතිකය ඉල්ලුම් කරන දේපල පිළිබඳ ඔප්පුව
- පිඹුරු පත
- ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්ඉරු
- නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද ව්‍යාපාර නාම ආකෘතිපත්‍ර 02
- ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඔප්පුවේ පිටපත
- ඉඩමේ පත්ඉරුව (වසර 2ක පමණ)
- ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ අන්සතු ඉඩමක නම්,
- ඔහුගේ/ ඇයගේ කැමැත්ත සහිත ලිපිය
- ඔහු/ ඇය විසින් ඉඩම ඔබ වෙත පැවරූ ආකාරය
- ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවූ කුවින්තාන්සිපත
- හැඳුනුම්පතේ පිටපත
- ග්‍රාම නිලධාරී පදිංචි සහතිකය
- රු.10 ක් වටිනා මුද්දරයක්
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ව්‍යාපාරක ස්ථානයේ ඡායාරූපයක්
- අයදුම්කරුගේ නමෙහි වෙනසක් ඇත්නම් පහත සඳහන් ලිපි ලේඛණ ඉදිරිපත් කළ යුතුය.
- හැඳුනුම්පතෙහි පිටපත
- දිවුරුම් ප්‍රකාශයක්
- ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ස්ථානය නොබෙදු ඉඩමක පවතින්නේ නම් පහත සඳහන් ලිපි ලේඛණ ඉදිරිපත් කළ යුතුය.
- ඉඩමට හිමිකම් ඇති සියළු දෙනාගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය
- ඔප්පුවේ සැලැස්ම
* සියලුම පිටපත් ග්‍රාම නිලධාරී විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.














